Sunday, October 7, 2012

අයිස් ක‍්‍රීම් වෙනුවට රයිස් ක‍්‍රීම්

අයිස් ක‍්‍රීම් වෙනුවට රයිස් ක‍්‍රීම්


දේශීය නිෂ්පාදන ආශ‍්‍රිත ආහාර සඳහා ජනතාව යොමුකරවීමේ අරමුණින් සහල් ආශ‍්‍රිත අධිශීත කළ අතුරුපසක් ලෙස සහල්වලින් අයිස්ක‍්‍රීම් නිෂ්පාදනයක් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මගින් හඳුන්වා දී ඇත.

මෙම නවමු නිෂ්පාදනය  “රයිස් ක‍්‍රීම්” ලෙස නම් කර ඇති අතර මෙම රයිස් ක‍්‍රීම් දිවයින පුරා ප‍්‍රචලිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අධිශීත කරන ලද අතුරුපසක් වන අයිස් ක‍්‍රීම් නිෂ්පාදනයට ප‍්‍රධාන වශයෙන් කිරි, මේදය, සීනි, තෛලෝදකාරක, වර්ණක හා රසකාරක යොදාගැනේ.

කිරි වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන අයිස් ක‍්‍රීම් නිෂ්පාදනය බොහෝමයක් රටවල සිදුකරන අතර සෝයා කිරි යොදා ගෙන නිපදවන සෝයා අයිස් ක‍්‍රීම් මෙයට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ අනුව දේශීය සහලින් අගය වැඩි කළ නිෂ්පාදනවලට යොමුවීම මගින් අතිරික්ත සහල් නිෂ්පාදනයට විසඳුමක් සේම එය දේශීය ආහාර පරිභෝජනය ප‍්‍රවර්ධනයට ද පිටිවහලක් වනු ඇත.Lanka C News

No comments:

Post a Comment